Thursday, September 19, 2024

General line - 0115112241

ආනයනික හාල් මිල පහළ යයි




බදු සංශෝධන හේතුවෙන් ආනයනික සහල් කිලෝවක මිල රුපියල් දහයකින් පමණ පහත බසිනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ ලබන සතිය වනවිට නව මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවනු ඇති බවයි.

ආනයනික සහල් සඳහා දැනට පවතින බදු තවදුරටත් පහත දැමීමට රජය ඉකුත්දා තීරණය කළා. ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා දැනට පවතින රුපියල් පහළවක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 05 ක් දක්වා අඩු කිරීමටයි රජය තීරණය කළේ.

ආනයනික රතු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග සඳහා පමණක් මෙසේ බදු අඩු කෙරෙන අතර බාස්මතී සහල් සඳහා මෙම සහනය හිමි නොවන බවද මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ඒ අනුව ආනයනික සහල් කිලෝවක මිල රුපියල් දහයකින් පමණ අඩුවනු ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.