Thursday, September 19, 2024

General line - 0115112241

දිරිය නෙත් සමග ඔබත් එක්වන්න




නියඟයෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ ව්‍යාපෘතියක් දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන යටතේ ආරම්භ කර තිබෙනවා.

මීට පෙර පැවති නියං කාලගුණ තත්වයන්හීදී ද දිරිය නෙත් වැඩසටහන යටතේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ගොවි ජනතාවට එලෙස ආධාර උපකාර සිදු කෙරුණා.

ඒ අනුව මෙවරත් ඊට සම්බන්ධ වීමට නෙත් එෆ්. එම්. ශ‍්‍රාවක ඔබට ද අවස්ථාව උදා කර දී තිබෙනවා. ඔබගේ මූල්‍යාධාර සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ හැකියි.

ගිණුම් අංකය 000 460 002 117.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ මෙම දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සමග ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, සිවිල් ආරක්ෂක බලකාය සහ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනට සම්බන්ධ වූ පාසල් මේ වනවිටත් එක්ව සිටිනවා.