Monday, May 6, 2024

General line - 0115112241

මොරගහකන්ද පිරේ – වැඩි ජලය මුදා හැරේ




පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ ජලය අඹන් ගඟ හරහා පහළ ප‍්‍රදේශයට මුදා හැරීම යළි ආරම්භ කර තිබෙනවා.

පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ මේ වන විට මොරගහකන්ද ජලාශයට අක්කර අඩි හැටදහසක ජල ධාරිතාවක් ලැබී තිබෙනවා. පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අඹන්ගඟ හරහා ඉදිකර ඇති ප‍්‍රධාන වේල්ලේ සොරොව්ව වසා දැමීමෙන් මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම ආරම්භ කෙරුණා.

මොරගහකන්ද ජලාශයට යටවන ප‍්‍රදේශ රැසක් මේ වන විටත් ජලයෙන් යටවී තිබෙනවා.

මොරගහකන්ද ව්‍යාපෘතියේ මහජන සබඳතා නිලධාරී පී. ජී. දයානන්ද සඳහන් කළේ අඹන් ගගේ ජලයෙන් වගා කටයුතු කළ ජනතාවගේ සෙසු අවශ්‍යතාවන් සඳහා මෙලෙස ජලය මුදා හරින බවයි.

ඉහළ ජලාධාර ප‍්‍රදේශවලින් පැමිණෙන ජල ධාරාවෙන් කොටසක් මොරගහකන්ද ජලාශයේ රඳවා ගැනෙනවා. ඉතිරි කොටස මෙලෙස මුදාහැරෙනු ඇති.

කෙසේ වෙතත් අඹන් ගගේ පහළ ප‍්‍රදේශවල ජනතාවට මෙමගින් අවදානම් තත්වයක් නොමැති බව ද ප‍්‍රකාශ කෙරුණා.
jalaya pirawemata pera moragahakanda moragaha kannd ada pewati akaraya moragakanna ada SAM_4222