චීන ජාතිකයින් 28 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු රැගත් බෝට්ටුවක් මලයාසියානු මුහුදු තීරයේ දී අතුරුදන්ව තිබෙනවා.
මලයාසියානු කාලගුණ අංශ සඳහන් කළේ පැවති අයහපත් කාලගුණය හේතුයෙන් අනතුර සිදුව ඇති බවයි.
බෝට්ටුව අතුරුදන් වන අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ද එහි ගමන් කර තිබෙනවා. මැලේසියාවේ සාබා ප්රාන්තයේ නැගෙනහිර මුහුදු ප්රදේශයෙන් බෝට්ටුව ගමන් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.