ඉදිරි මාස කිහිපය තුළ දී විදුලි බිල අඩු කරගනු ලබන පාරිභෝගිකයින්ට ත්‍යාග සහ වරප්‍රසාද ලබාදීමේ තරගකාරී ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදීම මෙහි අරමුණ බවයි. මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පවතින අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා හදිසි විදුලි උත්පාදන යන්ත්‍ර ඇනවුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.