Thursday, December 26, 2024

General line - 0115112241

බෝගල පතලේ සේවකයෙක් මරුට – පතල තාවකාලිකව වසා දැමේ




කම්කරුවෙකු මියයාමත් සමග බෝගල පතල තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ (28) රාත්‍රියේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මෙලෙස පතල තුළ සිටි කම්කරුවෙකු මිය ගියා.

බෝගල පතලේ ප‍්‍රධාන විධායක නිලධාරී අමිල ජයසිංහ සඳහන් කළේ පතල තුළ තවත් පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් පතල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි.

ඊයේ රාත‍්‍රී රාජකාරී සේවා මුරයේ සිටි බෝගල පතලේ කම්කරුවෙකු පස් කණ්ඩියකට යටවී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනෙක් කම්කරුවන් විසින් ඔහු බේරාගෙන කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන යන අතරතුරදී ඔහු මෙලෙස මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය කරවනැල්ල මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර බෝගල පතලේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන ලෙස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට දැනුම් දුන් බව පතලේ ප‍්‍රධාන විධායක නිලධාරී අමිල ජයසිංහ සඳහන් කළා.