Friday, March 29, 2024

General line - 0115112241

යුද ගැටුම්වලින් වසර 5කට පසු සිරියාවේ ඇලෙප්පෝ නගරයේ පාපන්දු තරගයක්




දරුණු යුද ගැටුම් පැවති සිරියාවේ ඇලෙප්පෝ නගරයේ පාපන්දු තරගයක් පවත්වා තිබෙනවා. ඒ වසර 5කට පසුවයි.

කෙසේ වෙතත් මෙම තරගය සඳහා කිසිදු නම් දැරූ පාපන්දු කි‍්‍රඩකයෙකු සහභාගි වී නැහැ. එහෙත් මෙම තරගය නැරඹීම සඳහා සැලකිය යුතු පිරිසක් පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සටන්කාමීන් සහ සිරියානු හමුදා අතර ඇලෙප්පෝ නගරය ආශි‍්‍රත ප‍්‍රදේශයේ 2011 වසරේ සිට යුද ගැටුම් පැවතියා. ඉකුත්දා නගරයේ පාලනය යළි සියතට ගැනීමට සිරියානු හමුදා සමත් වුණා.

කලක් මැදපෙරදිග කලාපයේ සුන්දර සහ සුඛෝපභෝගී නගරයක් වූ ඇලෙප්පෝ නගරයේ ගොඩනැගිලි බොහෝමයක් මේ වන විට නටබුන් නගරයක් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

_93855476_hi037563914 _93855578_hi037563873 _93855580_hi037563867 _93855582_hi037563827 _93855584_hi037563845 _93855588_hi037563802 _93855590_hi037563881