Wednesday, April 24, 2024

General line - 0115112241

ට‍්‍රම්ප් සහ පුටින් අයි එස් මඩින්න දුරකතන සංවාදයක




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා රුසියානු ජනාධිපති වැලැද්මීර් පූටින් අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා.

එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන්. අයි එස් සටන්කාමීන්ට එරෙහි සටනක් වෙනුවෙන් දෙපාර්ශ්වය මෙහිදී එකඟතාවකට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාව සහ රුසියාව අතර සබඳතා වර්ධනය කර ගැනීමේ සුවිශේෂී ආරම්භයක් ලෙසයි ධවල මන්දිරය මෙම සාකච්ඡාව හඳුන්වා දී ඇත්තේ.

රුසියානු ජනාධිපතිවරයාට අමතරව ඩොනල්ඩ් ට‍්‍රම්ප් , ජපානය, ජර්මනිය, ප‍්‍රංශය සහ ඔස්ටේ‍්‍රලියාව යන රටවල නායකයින්ටද දුරකතන ඇමතුම් ලබාදී තිබෙනවා.

එහිදී ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් මැදපෙරදිග කලාපයේ ගැටලු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන්, උතුරු සහ දකුණු කොරියානු අර්බුදය හා යුක්රේනයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි ධවල මන්දිරය පැවසුවේ.

trump and putin