Thursday, September 19, 2024

General line - 0115112241

විදේශ අමාත්‍ය ධුරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතට ගන්නැයි ඉල්ලීමක්




අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ශී‍්‍ර ලංකාවට ලබා ගැනීමට නම් වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධුරය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතට ගත යුතු බව හිටපු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසනවා.

වත්මන් විදේශ අමාත්‍යවරයාගෙන් එවැනි තත්ත්වයක් පෙනෙන්නට නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ගන්නා තීන්දු ඔස්සේ ශ‍්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයන් නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති බවයි ආචාර්ය දයාන් ජයතිලක පැවසුවේ.

ඔහු මෙම අදහස් පළ කළේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති ධුරයෙන් සැමන්තා පවර් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.