Thursday, September 19, 2024

General line - 0115112241

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් දෙදින කඳවුර සාර්ථකව නිමවෙයි




මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින කඳවුර ඊයේ (29) සාර්ථකව නිමාවට පත්වුණා.

ඊට සහභාගී වූ සිසු සිසුවියන් මෙලෙස අදහස් දැක්වූවා.

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන යටතේ පාසලේ ගුරුවරුන් වෙනුවෙන් අද උදෑසන විශේෂ දේශනයක් පැවැත්වුණා.

දේශනය සිදු කළේ නෙත් එෆ්. එම්. ප‍්‍රධාන අලෙවි නිලධාරී නිශාන්ත දහනායක මහතා විසින්.

ඊට සහභාගී වූ ගුරුවරුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පල කළා.

පාසලේ ඉහළ ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් ද විශේෂ දේශනයක් තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා.

මාතර තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ පැවති නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනට එක් වූ දරු දැරියන්ගේ නිල විසිරයාමේ උත්සවය අද (30) පස්වරුවේ පැවැත්වෙනවා.