Thursday, September 19, 2024

General line - 0115112241

සීමා නිර්ණ වාර්තාව මාසයකින් ගැසට් කරන බව විෂයභාර ඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි




සීමා නීර්ණ වාර්තාව මාසයක කාලයක් ඇතුළත ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ, පළාත් පාලන මැතිවරණය ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍යවරයා අධිකරණයට දැනුම් දුන්නේ අද සිට බලපැවැත්වෙන පරිදි මාසයක් තුළ සීමා නිර්ණ වාර්තාව ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන බවයි.

දිගින් දිගටම ප‍්‍රමාද වන පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

එය අද සලකා බැලූණේ වැඩබලන අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙෆ්, උපාලි අබේරත්න හා නලින් පෙරේරා යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

ප‍්‍රගතිය විමසීම සඳහා මෙම පෙත්සම මාර්තු මස 13 වැනි දින යළි කැඳවීමට ද නියමිතයි.