Thursday, September 19, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊ හිතවාදීන් තවත් උත්සාහයක




බ්‍රිතාන්‍ය, කැනඩාව, අමෙරිකාව ආදී රටවල දෙමළ ඩයස්පෝරාව එල්.ටී.ටී.ඊ. ය නැවත ශක්තිමත් කිරීම සඳහා අරමුදල් එක්රැස් කරමින් පවතින බව වාර්තා වෙනවා.

ලන්ඩන් නුවර සහ තවත් බොහෝ නගරවල සුපිරි වෙළඳ සංකීර්ණ, ඉන්ධන පිරවුම්හල් සහ ජනාකීර්ණ ස්ථානවල මෙලෙස මුදුල් එකතු කිරීම සඳහා කැට තබා තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප අප වෙත ලැබී තිබුණා.

ශ්‍රී ලංකා සිතියමේ උතුරු නැගෙනහිර වෙනම කලාපයක් ලෙස නිර්මාණය කරන ලද ඊලාම් සිතියම සහ මුදල් බැර කළ යුතු ගිණුම් අංකද සහිත තොරතුරු මෙම ඡායාරූපවල පැහැදිළිව දැක්වෙනවා.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හී අක්කර 50 කට අධික වටිනා ඉඩමක් මිලදී ගෙන එහි මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීම සඳහා ස්මාරක, එම පවුල්වල සුබසාධනයට අංග සම්පූර්ණ ක්‍රීඩාංගන සහ විවිධ කටයුතු සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීම මෙම මුදල් එක්රැස් කිරීමේ අරමුණයි.

යුද්ධය පැවැතුණු සමයේ සිට මේ දක්වාම දෙමළ ඩයස්පෝරාව නැවැත ශ්‍රී ලංකාව තුළ එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් කිරීම සඳහා ප්‍රබල උත්සහයක් ගනිමින් සිටිනවා.

16402155_1171492609639307_1189820037_n 16426418_1171492599639308_41478522_n