වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඕල්කට් මාවත ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වි තිිබෙනවා.
සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඔවුන් මෙලෙස විරෝධතා පාගමනක නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ.
මේ හේතුවෙන් සෙරමික් හන්දිය, බැංකු මාවත, ලෝටස් පාර අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කළා.
කොළඹ කොටුවට පිවිසෙන රථ වාහන රියදුරන්ගෙන් මෙහිදී පොලිසිය ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.