Monday, December 23, 2024

General line - 0115112241

මහින්දගේ ප්‍රජා අයිතිය ගැන රාජිත කතා කරයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.

රජය එවැනි තීරණයක් ගෙන ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යවරා පෙන්වා දුන්නේ.

අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවත්, ඊට බලපෑම් එල්ල කිරීමට රජයට වුවමනාවක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“මහා පරිමාන වංචා සහ දුෂණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාදවීම පිළිබඳව අපට ගැටළුවක් තිඛෙනවා. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ මිග් ප්‍රහාරක යානා ගණුදෙනුව, ඩුබායි බැංකු ගිණුම් පිළිබඳව, රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය ඇතුලු මහාපරිමාන දුෂණ හා වංචා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. සුළු සිද්ධීන් පිළිබඳව පරික්ෂණ පැවැත්වීමෙන් රජයට අපවාදයක් එල්ල වී තිඛෙනවා. එම නිසා යහපාලනය ආරක්ෂා කිරීමේ වගකීමක් අපට පැවැරී තිඛෙනවා. මෙහිදී ඇතැම් නිලධාරීන් නිසි පරිදි රජකාරී සිදු කරන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපට බැහැ. කෙසේ වෙතත් කඩිනමින් පරික්ෂණ සිදු කළ යුතු බව මාගේ අදහසයි.”