Friday, September 20, 2024

General line - 0115112241

“මොන කමිටුව වුනත් දේශපාලන කෝණයෙන් බලන්න එපා”




පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වුවද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් දේශපාලන කෝණවලින් නොබලා කටයුතු කිරීම වඩාත් වැදගත් වන බවයි.

ත‍්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු තෙල් සමාගමට පවරා ඇති ගිවිසුම වලංගු නොවන බැවින් වහාම එම තෙල් ටැංකි යළි පවරා ගන්නා ලෙස කෝප් කමිටුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රකාශ කළේ 2003 වසරේ දී ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් අත්සන් තබා ඇති ගිවිසුම මේ වනතෙක් යාවත්කාලීන වී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස්, අමාත්‍ය චන්දිම වීරක්කොඩිගෙන් කළ විමසුමක දී ඔහු ඊට ප‍්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ එම කටයුතු මේ වන විට නීත්‍යානුකූලව සිදුවෙන බවයි. මීට පෙර පැවැති රජයන් දෙකක් මේ පිළිබඳව ඇති ගිවිසුම් වෙනස් කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණ බවද පවසා සිටියා.

රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් සහ රට තුළ විවිධ ගැටළු ඇති කිරීමට ඇතැමුන් උත්සහ දරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.