Friday, September 20, 2024

General line - 0115112241

හෘද රෝගීන්ට ක්ෂණික සුවය දෙන ඖෂධයක්




හෘදයාබාධයක් ඇතිවුවහොත් ක්ෂණිකව ප‍්‍රතිකාර කර, ඉන් රෝගියා බේරා ගැනීම සඳහා විදේශීය රටක නිෂ්පාදිත ඖෂධයක් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

හෘදයාබාධයක් ඇති වී පැය 03.00 ක කාලයකින් මෙම ඖෂධය ලබාදී රෝගියාගේ ජීවිතය බේරාගත හැකි බවයි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඕනෑම රෝහලකදී හෝ ජංගම සායනයක දී මෙම ඖෂධය ලබාගත හැකියි. දැනට එම ඖෂධය රුපියල් එක් ලක්ෂ විසිදහසකට අලෙවි කෙරෙන අතර එය ඊට වඩා අඩු මුදලකට ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.

හෘද රෝග සඳහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමේ වැඩසටහන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. වෛද්‍ය සැපයුම් අංශයෙන් ස්ටෙන්ස් ලබාදී නොමැති නම් දේශීයව මිලදී ගැනීම සඳහා රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම සාකච්ඡාවේදී කියා සිටියේ.