Friday, September 20, 2024

General line - 0115112241

වසර ගණනකට පසු ජේ. ආර්. ගේ ප්‍රකාශයක් ඉන්දියාවෙන් හෙළි කරයි




ශ‍්‍රී ලංකාවේ යුද්ධය පැවති කාල වකවානුවේ දී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කළ ප‍්‍රකාශයක් ‘‘ ද හින්දු’’ පුවත්පත අද (05) වාර්තා කර තිබෙනවා.

ඔවුන් එම ප‍්‍රකාශය උපුටා ගෙන තිබෙන්නේ අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වූ පීටර් ගල්බ්‍රේන් විසින් නිකුත් කරන ලද ලියවිල්ලක් පාදක කර ගනිමින්.

උතුරු පළාත එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නා ලෙස හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා යුද හමුදාවට නියෝග කර තිබෙනවා. එහෙත් සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි බව පවසමින් යුද හමුදාව අවස්ථා දෙකකදීම එම නියෝගය අතහැර ඇති බවයි පීටර් ගල්බ්‍රේන් සිය ලියවිල්ලෙන් පෙන්වා දී ඇත්තේ.

පිටර් ගල්බ්‍රේන් එම ලියවිල්ල සකස් කර ඇත්තේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඔහුට කළ ප‍්‍රකාශයක් පාදක කර ගනිමින්. එවකට රටේ පැවති තත්වය සම්බන්ධයෙන් ජවර්ධන මහතා ඉන්දියාවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රජය ශ‍්‍රී ලංකාවට සාම සාධක හමුදාව එවූ බවයි පීටර් ගල්බ්‍රේන් සිය ලියවිල්ලේ දක්වා ඇත්තේ. සාම සාධක හමුදාව ශ‍්‍රී ලංකාවට එවීමට නම් දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන භාෂාවක් කළ යුතු බවට ද ඉන්දියාව දැනුම් දුන් බව ජේ. ආර්. ජයවර්ධන මහතා තමන්ට ප‍්‍රකාශ කළේ යැයි පීටර් ගල්බ්‍රේන් සිය ලියවිල්ලෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.


01

http://www.thehindu.com/todays-paper/I-was-forced-into-a-deal-with-India-Jayewardene-told-U.S.-envoy/article17196169.ece