Friday, September 20, 2024

General line - 0115112241

අර්ජුන් මහේන්ද්‍ර‍න් ලක්ෂ 660ක් අයථා ලෙස පරිහරණය කරලා




අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන තවත් මූල්‍ය අක‍්‍රමිකතා කිහිපයක් පිළිබඳව දූෂණ විරෝධී පෙරමුණ අද (05) අනාවරණයක් සිදු කළා. එ් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. ඊට එක් වූ දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ අර්ජුන් මහේන්ද්‍රන් රුපියල් ලක්ෂ 660ක මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇතැයි අභ්‍යන්තර විගණන වාර්තාවකින් අනාවරණ වී ඇති බවයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා මුදල් අයථා ලෙස භාවිත කර ඇති ආකාරය පිළිබඳවද මෙහිදී අනාවරණ කෙරුණා. එකම දිනයක හෝටල් දෙකක ගත කිරීම, රුපියල් ලක්ෂ 20ක් වටිනා යුරෝපීය ඇඳුමක් මිලදී ගැනීම ඇතුළු කාරනා කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වුණා.

සිදුව ඇතැයි කියන මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.