Friday, September 20, 2024

General line - 0115112241

EXCLUSIVE : ලංකාවට ගොඩ බැස්සයි කියූ මත්කුඩු රජා අතුරුදහන්




මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නෝර්වේ ජාතික ජර්මන්ඞ් කැපලන්ට් නමැත්තා මෙරටට පැමිණ ඇතැයි පළ වන වාර්තා පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු මාලදිවයිනේ සිට ඉකුත්දා ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති බවයි. මෙම පුද්ගලයා හෂීස් නමැති මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ජාවාරම් කරන අයෙකු බවටයි සැලකෙන්නේ.

මේ පිළිබඳව නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ එවැනි වාර්තා පිලිබඳව තමන්ටද තොරතුරු ලැබී ඇති බවයි. එ් සම්බන්ධයෙන් දැනටමත් පුළුල් පරීක්ෂණයක් කි‍්‍රයාත්මක බවද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මේ දක්වා කළ පරික්ෂණවලට අනුව ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු කිසිවක් අනාවරණ වී නැහැ. මේ පිළිබඳව සාර්ක් රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් ස්ථාපිත කර ඇති අංශද දැනුවත් කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.