Friday, September 20, 2024

General line - 0115112241

අතක් අහිමි වූ අචලා දෑස් අරින්නැයි බලධාරීන්ට කියයි




මාතර මහ රෝහලේ කාර්ය මණ්ඩලය අතින් සිදු වූ බව කියන වරදක් හේතුවෙන් අතක් අහිමි වූ නීති ශිෂ්‍යාව වන අචලා පි‍්‍රයදර්ශනී අද නීතිඥවරියක් ලෙස කටයුතු කරනවා.

සැත්කමක් මගින් ඉවත් කළ ඇගේ හුරු අත නොමැතිව ජීවිතය ජය ගත් අචලා ප‍්‍රියදර්ශනී ජීවිතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව නෙත් නිවුස් සොයා බැලීමක් කළා.

එහිදී ඇය සඳහන් කළේ “2013 වසරේ ජනවාරී මාසයේ මම මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නා. මම වැටිලා අත අනතුරකට ලක්වුණා. එහිදී දාපු ප්ලාස්ටරය තදවීම නිසා මගේ අතේ අස්ථි බිඳි ගොස් තිබුණා. ඒ නිසා මට අත අහිමි වුණා. ඒ කාලයේ මේ සිද්ධිය රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් වුණත්..අද වනකොට බොහෝ දෙනෙකුට මේ සිද්ධිය අමතක වෙලා තියෙනවා. මම මගේ අත වෙනුවෙන් තනිවම සටන් කරනවා. මගේ පෙම්වතා මාව විවාහ කරගන්න කැමති වුණා. මගේ වැඩවලට උදව් කරන්න ගිහින් ඔහුට ඔහුගේ රැකියාව පවා අහිමි වී ගියා. මම දැනුත් කියන්නේ මේ වගේ නොසැළකිළිමත් ක්‍රියා ගැන බලධාරීන්ගේ ඇස් දැන්වත් විවර විය යුතුයි කියලයි.” යනුවෙනි.

16522033_1234608396615847_1394660256_o 16522340_1234608543282499_1105640641_o 16559332_1234608536615833_1202820050_n 16586506_1234608546615832_119660308_o 16586706_1234608403282513_1306587154_o 16593775_1234608539949166_85915359_o