Friday, September 20, 2024

General line - 0115112241

ජනපති අගමැති සාකච්ඡාවෙන් පසු ඇමති මණ්ඩල සංශෝධනය කල් දමයි




ඉදිරි දින කිහිපයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් මාස කිහිපයකින් කල් දමා තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසත් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

යහපාලන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. එම කරුණු ද සැලකිල්ලට ගෙනයි මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කිරීමට තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත් සිකුරාදා පැවති සාකච්ඡාවේ දී ඇතිකර ගත් එකඟතාව අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙලෙස කල්දමා තිබෙනවා.