Friday, September 20, 2024

General line - 0115112241

ආයතන 15 ක් ගැන තවත් කෝප් වාර්තාවක් එළියට




පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ තවත් වාර්තාවක් මෙම සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරන ආයතන 15 කට අදාළව මෙම වාර්තාව සකස් කර ඇති බවයි.

ඒ යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය, ආයුර්වේද සංස්ථාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, රූපවාහිනී සංස්ථාව ආදී ආයතන පිළිබඳව වාර්තා සකස් කර ඇති බවත් පැවසුවා.

කථානායක කරූ ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව හෙට (06) පස්වරුවේ රැස්වීමට නියමිතයි.