Friday, September 20, 2024

General line - 0115112241

විගණකාධිපති රාජ්‍ය සේවකයන්ට පාඩමක් කියා දෙයි




රාජ්‍ය සේවයේ විවෘතභාවය ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.

අද පෙරවරුවේ කොළඹ නගරාධිපති නිල නිවසේ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

රාජ්‍ය සේවකයන් ඉහළ නිලධාරීන්ගේ සුරතලූන් බවට පත් වීමට උත්සහ දැරීම රාජ්‍ය සේවය කඩා වැටීමට ප‍්‍රධානතම හේතුවක් බවද විගණකාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

බදු ගෙවන ජනතාවට වගවීම සඳහා මූල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමේ වැදගත්කම මැයෙන් මෙම සම්මන්ත‍්‍රණය සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත් තමන් එහි පැමිණියේ එ් පිළිබඳ අවබෝධයකින් තොරව බවයි විගණකාධිතිපතිවරයා සිය කථාවේදී වැඩිදුරටත් සඳහන් කළේ.