Friday, September 20, 2024

General line - 0115112241

දෙපැත්ත පිල් බෙදේ – සයිටම් ගැටලුව තවත් උග්‍ර අතට – ජය 26000ටද? 55000ටද?




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීතිගත කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව කටයුතු කිරීමේ එකඟතාවකට පැමිණි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු නියෝජිතයින් පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියා. එ් පිළිබඳ කරුණු දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එම සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය එහිදි කියා සිටියේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි බලවේග පරාජයට පත් කිරීමට පාර්ශ්ව ගණනාවක් සමග එක්ව නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.

ඔහු එහිදී පැවසුවේ ජාතික වෘත්තිය සමිති පෙරමුණ , වරාය‍, දුමිරිය, ආදි සංගම් වල සහය මෙම වැඩිපිළිවෙලට එක් කරගන්නා බවයි.එමෙන්ම දේශපාල කණ්ඩායම් හා පක්ෂ වල සහයද මීට එක්කර ගන්නා බව ඔහු පැවසීය.

55000 අධික පොෟද්ගලික අධයාපනය ලබන සිසුන් පිරිසක් මෙරට සිටින බවත්, එය රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිටින පිරිස මෙන් දෙගුණයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.