Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් ප්‍රධානියාට වෙඩි තැබූ ෆුල්ෆේස් වෙඩික්කරුවන්ට වැඩ වරදියි




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට ඊයේ රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිඛෙනවා.

ඔහු ඊයේ රාත්‍රියේ සිය නිවස බලා යමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පවසන්නේ. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිඛෙනවා.

කෙසේ වෙතත් එම වෙඩි ප්‍රහාරයෙන් වෛද්‍ය සමීර සේනාරත්නට හානි සිදුවූයේ නැහැ. ඔහුගේ මෝටර් රථයේ වෙඩි ප්‍රහාර 4ක් දක්නට ලැඛෙන බවයි මුල්ලේරියාව පොලීසිය පැවසුවේ.

මුහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවද වෛද්‍ය සමීර සේනාරත්න පොලිසියට ප්‍රකාශ කර තිඛෙනවා.

සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ ගොඩනැගිලිවල සී සී ටී වී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

කණ්ඩායම් 03ක් ඒ සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථාන ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සදහන් කළා.

77777777777777 3453453535645 5464647567 677777777 564563232cvc 89999999