Friday, September 20, 2024

General line - 0115112241

උපරිම මිල නිසා සහල් හිඟයක්??




ආනයනික සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ආණ්ඩුව ප්‍රමාද වී හෝ කටයුතු කිරීම පාරිභෝගිකයාට යහපතක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ ආනයනික සහල් සදහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබද නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

මේ අතර සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසන්නේ මෙම උපරිම මිල ක්‍රියාත්මක කිරීමේ දී ගැටළු මතුවිය හැකි බවයි.

මේ හේතුවෙන් සහල් හිගයක් ඇති වීමට ද ඉඩ ඇති බව එම සංගමයේ සභාපති බන්දුල ජයමාන්න වැඩිදුරටත් පෙන්වා දුන්නා.