Friday, September 20, 2024

General line - 0115112241

අන්තර්ජාලය ඔස්සේ සිදු කළ මහා පරිමාණ මත්පැන් ජාවාරමක තොරතුරු හෙළිවෙයි




ඉතා සූක්ෂම ලෙස අන්තර්ජාලය ඔස්සේ සිදු කළ මහා පරිමාණ මත්පැන් ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් කාර්යාලය සමත්ව තිඛෙනවා.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පල කොට විදේශීය මත්පැන් තොග අඩු මිලට මෙහිදී අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ උපාය දූතයෙකු යොදා කළ මෙහෙයුමක දී මහනුවර ප්‍රදේශයේ දී විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ජාවාරමේ තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිඛෙනවා. සැකකරු සන්තකයේ තිබී කොළඹ ප්‍රධාන මත්පැන් අලෙවිසැලකින් නිකුත් කළ බිල්පතක් ද පොලිස් භාරයට ගැණුනා.

නියමිත බදු මුදල් නොගෙවා මෙම විදේශීය මත්පැන් දිවයිනට ගෙන්වා ඇති බවට ද තොරතුරු හෙළිව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

unnamed