Friday, September 20, 2024

General line - 0115112241

විමල් වීරවංශ යළි රිමාන්ඩ්!




රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔහු අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40ක් අවභාවිත කර රජයට රුපියල් කෝටි නවයක පාඩුවක් සිදු කළ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිඛෙනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහගේ කාලයේ දී නිකුත් කර ඇති වාහන සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද පොලිසියට මෙහිදී නියෝග කළා.

එමෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සදහන් කළේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න භාවිත කළ වාහන සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් කළ බවයි.