Friday, September 20, 2024

General line - 0115112241

සන්ධානයෙන් පැනිල්ලක්




එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් ඉන් ඉවත් වී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක්ව තිඛෙනවා.

ඔහු සදහන් කළේ උතුරේ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

නැවත පදිංචි කිරීම් පිළිබද ගැටළු, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ගැටළු සහ ජීවනෝපාය ගැටළු යනාදිය විසදීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට තමන්ට කිසිදු පියවරක් ගත නොහැකි බව හිටපු මන්ත්‍රීවරයා පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මුසලිහිදී පැවැත් වූ පක්ෂ සම්මේලනයේ දී තමන් ඊට එක් වූ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් වැඩිදුරටත් සදහන් කළේ.