Friday, September 20, 2024

General line - 0115112241

කිතුල්ගල ඉහළ වටගල රක්ෂිතයේ ගින්නක්




කිතුල්ගල ඉහළ වටගල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිඛෙනවා.

මේ වනවිටත් අක්කර 05ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්න හටගෙන ඇති ස්ථානය කදු බෑවුමක්  බැවින් එය මැඩපැවැත්වීම අපහසු වී තිඛෙනවා.

ගින්න මැඩපැවැත්වීම සදහා ගුවන් හමුදාවේ සහය ද ලබාගෙන ඇති බවයි යටියන්තොට ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ.