Friday, September 20, 2024

General line - 0115112241

මුහුදු රළෙන් ළඟදීම විදුලිය




ශ්‍රි ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින් උදම් රළ (මුහුදු රළ) උපයෝගී කර ගනිමින් ජල විදුලි බලය නිපදවීම සම්බන්ධව පුර්ණ සහය ලබා දීමට පින්ලන්තය සූදානම් වී සිටිනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන බවයි ශ්‍රි ලංකාවේ පින්ලන්ත තානාපති RAULI SUIKKANEN ප්‍රකාශ කර තිබෙන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (07) දින විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී “අප රට වටේම මුහුද තිබෙනවා. ඒ නිසා කිසිඳු බාධාවකින් තොරව මුහුදු රළ ආශ්‍ර‍යෙන් විදුලිය ජනනය කළ හැකියි. ඒ වගේම ඒ ජනනය කළහැකි විදුලිය පිළිබඳව කළින් පුරෝකථනය කළ හැකියි. ඒ නිසා නවීන තාක්ෂණය ඔස්සේ අවම වියදමකින් මේ ව්‍යාපෘතිය දියත් කළ හැකි වනවා. එවිට නියං කාලවලදී ඇතිවන අර්බුධවලට කිසිඳු ගැටලුවකින් තොරව අපට මුහුණ දීමට අවස්ථාව තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.