Sunday, December 22, 2024

General line - 0115112241

රජයේ නිළධාරීන්ට වැටුප් දෙන ක්‍රමය වෙනස් වෙන්න යයි




රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ සූදානමක් ඇතැයි රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න සදහන් කළේ මාසික වැටුප කොටස් දෙකක් ලෙස ලබාදීමට ආණ්ඩුව සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.‍

මසක 20වනදා හෝ 25වනදා වැටුප් ලබාදීම සාමාන්‍ය ක්‍රමය වුවත් මෙම ක්‍රමය යටතේ මූලික වැටුප එම දිනයන්ට ලබාදී දීමනාවන් මසක 5වනදා හෝ 10වනදාට තීරණය කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මෙම තීරණය කිසිසේත්ම රාජ්‍ය සේවයට සුබදායි එකක් නොවන බවයි ඔහු කියාසිටියේ.

මෙවැනි තීරණයක් ගන්නේ නම් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වුවද ආරම්භ කිරිමට සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.