Tuesday, February 11, 2025

General line - 0115112241

‘තහනම මුස්ලිම් විරෝධයක්ද‘ – ඇමරිකානු අධිකරණයෙන් තීරණාත්මක ප්‍රශ්ණයක්




මුස්ලිම් රටවල් 7 ක් සදහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සංක්‍රමණික තහනම සම්බන්ධයෙන් අමෙරිකානු අභියාචනාධිකරණය කරුණු විමසිමක් කර තිඛෙනවා.

එහිදී විමසා ඇත්තේ මෙම තහනම මුස්ලිම් විරෝධයක්ද යන්න පිළිබදවයි.

මෙම කරුණු විමසීම සිදුකර ඇත්තේ අදාළ තහනම සම්බන්ධයෙන් පනවා ඇති නඩුවේ වාචික විවාදය පැවැත්වීමට නියමිතව තිබියදීයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම විධායක නියෝගය ඉකුත්දා තාවකාලිකව අත්හිටුවීමටයි අධිකරණය තීරණය කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊට එරෙහිව ගොණුකර ඇති නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරනු ඇති බවයි.