Friday, September 20, 2024

General line - 0115112241

පාසල් කාමරයක් තුළ ලිංගික හිරිහැරයක් කරන්න හදලා




විනය කඩකළ ගිනිගත්හේනේ පාසලක උසස් පෙළ හදාරන සිසුන් තිදෙනෙකු විදුහල්පතිවරයා විසින් එම පාසලෙන් ඉවත් කර තිබෙනවා.

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භට කණ්ඩායමේ සිසුවෙකුට පාසල් කාමරයක් තුළදී ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිසුන් තිදෙනාට චෝදනා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

අදාළ සිසුන් තිදෙනාට එල්ල වී ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන් විනය මණ්ඩලයක් හමුවේ පරීක්ෂණයක් ද සිදුකෙරුණා.

එහි නිර්දේශ මත වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද දැන්වූ බවයි එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ.

මෙම සිද්ධියට තවත් සිසුන් සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.