Friday, September 20, 2024

General line - 0115112241

වෛද්‍ය සභාවේ කමිටුව රැස්වෙයි – කාලෝ ෆොන්සේකා කතා කරයි




සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීරණය මේ මස අනිවාර්යයෙන්ම ගනු ලබන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද (08) රැස් වී සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද (08) රැස් වී සයිටම් ආයතනය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු කළා.

මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වුණා. එහිදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැඩි දුරටත් සඳහන් කළේ තමන් සිටිනකම් සහ නිසි ප්‍රමිතියට එන තෙක් සයිටම් ආයතනය සඳහා වෛද්‍ය සභාවේ අනුමැතිය නොලැබෙන බවයි.