මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කළ එකක්දැයි සැක පළ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය අද (08) කැඳවූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මෙම අදහස් පළ කළා.
එහිදී ඔහු සඳහන් කළේ “මේ සිද්ධිය මමනම් දකින්නේ තරමක අනතුරු ඇඟවීමක් හැටියට. විධායක නිලධාරියාට නෙමෙයි.. මේ රටට. මේක සැළැස්මක් ඇතුව සිදු වූ දෙයක් බව පේන්න තියෙනවා.” යනුවෙනි.
මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා රජය වෛද්‍ය සභාවේ නිර්දේශ බලාත්මක කිරීමට පියවර ගත යුතු බවයි. මෙම ගැටලුව ඇති වුණේ එම පියවර නොගැනීම නිසා බවද සඳහන් කළා.