Friday, September 20, 2024

General line - 0115112241

සහල් මිල ගැන අගමැති කණගාටු වෙයි




සහල් මිල ඉහළ යාම නිසා ජනතාවට මුහුණපෑමට සිදුව ඇති අපහසුතා පිළිබඳව රජයක් ලෙස කණගාටුව පළ කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

විපක්ෂයේ මන්ත‍්‍රී සී.බී. රත්නායක යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මෙහිදී කියා සිටියේ සහල් මිල පාලනයට ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවාද යන්නයි.

ඊට ප‍්‍රතිචාර දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ ඉදිරි දෙසතිය තුළ සහල් මිල අඩු කිරීමට හැකිවනු ඇති බවයි.

අග‍්‍රාමාත්‍යවරයා අදහස් පළ කිරීමෙන් පසු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක ද ඒ පිළිබඳව අදහස් පළ කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

මේ අතර ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් නොකරන්නේ ඇයිදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)