වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් තුන්දෙනෙකුට එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙකු පහරදී තිබෙනවා.
සිසුන් දෙදෙනෙකු මෙම පහරකෑමට ලක්ව ඇත්තේ පන්නල ප්‍රදේශයේදීයි. අනෙක් සිසුවා මාකඳුර ප්‍රදේශයේදී මෙම පහරකෑමට ලක්වුණා.
අදාළ ආචාර්යවරයා මෝටර් රථයකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
ඊයේ (07) පස්වරුවේ සිදුකළ මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි පන්නල පොලිසිය සඳහන් කළේ.
පහරකෑමට ලක් වූ සිසුන් තුන්දෙනා මේ වනවිට සදලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.
මෙම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.