Sunday, December 22, 2024

General line - 0115112241

මහින්ද වෙනුවෙන් විජයමුණි පෙරට එයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තීරණයක් ගන්නේ නම් තමන් පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බව අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා පවසනවා.

ඔහු සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය කිසිදා එම තීරණයට අනුමැතිය ලබා නොදෙන බවයි.

ඒකාබද්ධ විපක‍ෂය මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය දෙකඩ කිරීමේ උත්සාහයක නිරත වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.