කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් අද පස්වරුවේ ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලීසිය පවසනවා.
පස්වරු පහේ සිට ක්රියාත්මක මෙම රථ වාහන සැලැස්ම හෙට දිනයේත් ක්රියාත්මකයි.
ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ වන නවම් මහා පෙරහැර ශ්රීමත් ජේම්ස් පීරිස් මාවත, උත්තරානන්ද මාවත, නවම් මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිඛෙනවා.
පෙරහැර විථී සංචාරය කරන කාලය තුළ ඒ වෙනුවට ධර්මපාල මාවත, යුනියන් පෙදෙස, විනිසුරු අක්බාර් මාවත, ගාළුපාර යන විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.