Friday, September 20, 2024

General line - 0115112241

වැරදි ඇතොත් කියාදෙන්න අපි ආසයි හදාගන්න – සයිටම් කියයි




සයිටම් ආයතනය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වයන් පිළිබද සාකච්ඡා කිරීමට රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් තව නොබෝ වේලාවකින් කොළඹදී රැස් වනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට අනුබද්ධ වෛද්‍ය පීඨ ගණන 8 ක්.

කොළඹ, රාගම, ශ්‍රී ජයවර්ධනපුර, රුහුණ, පේරාදෙණිය, යාපනය, රජරට සහ නැගෙනහිර එම වෛද්‍ය පීඨ වනවා.

මේ අතර සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබද ගැටලූ ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට තමන් සූදානම් බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න පවසනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඊයේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු ඒ බව පැවසුවේ.

ප්‍රමිතිය පිළිබද ගැටලූ සම්පූර්ණයෙන් නිරාකරණය වන තෙක් සයිටම් ආයතනයට පිළිගැනීමක් ලබා නොදෙන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියාසිටියා.

ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට වෛද්‍ය සභාවේ සියලූ දෙනා මෙම මාසය ඇතුළත රැස්වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ ඊට ප්‍රතිචාර දක්වන සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න පැවසුවේ‍ෙ කිසිවෙකු හෝ මීට පෙර පෙන්වා දුන් වැරදි සයිටම් ආයතනය විසින් නිවැරදි කර ගැනීමට එකග වූ බවයි