ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා සංචාරක ප‍්‍රවේශ පත‍්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීම හෙට (11) සිට ආරම්භ වනවා.
මෙම ප‍්‍රවේශ පත‍්‍ර මාස 3 ක කාලයක් සඳහා වලංගු වන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ.
සීගිරිය නැරඹීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගැනීමේදී ඇතිවන අපහසුතා සහ තදබදය වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.
මේ අතර වසර 10ක් තිස්සේ නිසි සංරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය නොකළ දඹුලු බිතුසිතුවම් සංරක්ෂණයට ද විධිමත් පියවර ගන්නා බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ.
මීට අමතරව දශක ගණනාවක් තිස්සේ දෙස් විදෙස් විද්‍යාඥයින්ගේ නොමද අවධානයට පාත‍්‍ර වූ ඉබ්බන්කටුව මෙගලිතික සුසාන භූමිය හෙට දිනයේ විවෘත කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. වසර 2700ක් පැරණි මෙගලිතික යුගයේ මහා ශිලා සුසාන භූමියක් ලෙසටයි මෙය සැලකෙන්නේ.