Monday, December 9, 2024

General line - 0115112241

කියන මිලට හාල් ගන්න බැහැ




සහල් සඳහා පාලන මිලක් නියම කළ ද එම මිලට මිලදී ගැනීමට වෙළෙඳපොළේ සහල් නොමැති බව පාරිභෝගිකයින් පවසනවා.

ඔවුන් මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් කණ්ඩායම වෙළෙඳපොළේ කළ සංචාරයකදීයි. නෙත් නිවුස් වාර්තාකරුවන් ද පැවසුවේ බොහෝ ප‍්‍රදේශවල සහල් මිල අඩු වී නොමැති බවයි.

මේ අතර මතුව ඇති සහල් ගැටලුව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ මිල පාලනය කිරීම සඳහා රජය අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බවයි. මේ පිළිබඳව සියලු අදාළ අංශ දැනුවත් කර ඇති බවත් පැවසුවා.