Wednesday, December 4, 2024

General line - 0115112241

කළුතර පරිපාලනයට ලක්ෂ 3820ක්




කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක නව පරිපාලන ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 3820ක් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඒ යටතේ රුපියල් ලක්ෂ 640ක මුදලක් වැය කරමින් ඉදි කෙරුණු බණ්ඩාරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම හෙට (11) පෙරවරුවේ සිදු කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රුපියල් ලක්ෂ 1800ක වියදමකින් යුතුව ඉදි කෙරෙන කළුතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ රුපියල් ලක්ෂ 730ක වියදමකින් යුතුව ඉදි කෙරෙන කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිලි සඳහා මුල්ගල් තැබීම එළඹෙන 13 වනදා සිදු කිරීමට ද නියමිතයි.

රුපියල් ලක්ෂ 650ක වියදමකින් යුතුව ඉදි කෙරුණු හොරණ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ද එදින පස්වරුවේ සිදු කෙරෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.