කොළඹට සහ තවත් ප්‍රදේශ කිහිපයකට සැපයෙන නල ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වැඩවර්ජනයක නිරත සේවකයින් සැක පළ කරනවා.
මෙලෙස වැඩවර්ජනයේ නිරත වන්නේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමයයි.
මෙම වැඩවර්ජනය නිසා ඇතැම් අත්‍යවශ්‍ය නඩත්තු කිරීම් සිදු කිරීමට නොහැකි වී ඇතැයි ද, මේ නිසා නල ජලයේ ගුණාත්මකභාවය අවම වී ඇතැයි ද ඔවුන් පැවසුවා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්ගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ කොළඹට හෝ වෙනත් කිසිදු ප්‍රදේශයකට සැපයෙන ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි.
වැඩවර්ජනයක නිරත සේවකයින්ගේ ගැටළු කෙරෙහි දැනටමත් අවධානය යොමුව ඇතැයි ද අමාත්‍ය රාවුෆ් හකීම් මෙහිදී කියා සිටියා.