Saturday, May 4, 2024

General line - 0115112241

 ඔස්ටේ‍්‍රලියානුවන් සියල්ල ක්‍රීඩාගාරයට - කුලසේකර වැඩ පෙන්වයි 




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය දැන් පැවැත්වෙනවා. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන්  ඔස්ටේ‍්‍රලියාව සියල්ලන්  දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

වේගවත් පිතිහරඹයක නිරත වූ බෙන්ඩන්ක් පන්දු 14කදී ලකුණු 32ක් සහ මයිකල් ක්ලින්ගර් ලකුණු 43ක් රැස් කළා. 

පන්දුයැවීමේදී නුවන් කුලසේකර කඩුලු හතරක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශී‍්‍ර ලංකා නායක උපුල් තරංග තීරණය කළේ පළමුව පන්දුයැවීමටයි. 

මෙම තරගය පැවැත්වෙන වික්ටෝරියා හි සිමොන් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු තරගයද මෙයයි.