Saturday, September 21, 2024

General line - 0115112241

පිහි පහරකින් අනුරාධපුරයේ පාසල් සිසුවෙකු මරුට




දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී එල්ල වූ පිහි ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියයාමේ පුවතක් තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ අදාළ සිසුවා මෙලෙස පිහි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. ඒ, තම පියා සහ මාමාවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකට මැදිවීමෙන්.
 
මියගිය සිසුවාගේ පියා ද බරපතල කැපුම් තුවාල සහිතව තලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.