Saturday, September 21, 2024

General line - 0115112241

මැතිව්ස් කෝටි 4.5ට විකිණෙයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්  2017 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී රු. කෝටි 4.5 ට අලෙවි වී තිබේ.

දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් මොහු ක්‍රීඩා කරනු ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස තරඟයේ වීරයා බවට පත්වූ අසේල ගුණරත්න මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නැත.

අද වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වී ඇති ක්‍රීඩකයා වන්නේ එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස් වන අතර එම මුදල ඉන්දියානු කෝටි 14.5යි. (ශ්‍රී ලංකා රු.කෝටි 36ක් ඉක්මවනු ලබයි.)