Saturday, September 21, 2024

General line - 0115112241

දුරාචාරයන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමට බිග් මැච් තහනම් කළ යුතුයි - සෝභිත හිමි




ගැටුම් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දුරාචාරයන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමට පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග තහනම් කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පාසල් අතර පවත්වන මහා ක්‍රිකට් තරග හේතුවෙන් විවිධ ගැටුම් ඇති වන බවයි. 

ඒ සම්බන්ධයෙන් අතීතයෙන් ද උදාහරණ සපයා ගත හැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. 

මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.