Saturday, September 21, 2024

General line - 0115112241

දකුණු ආසියා ප්‍රසම්පාදන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (PHOTO)




දකුණු ආසියානු කලාපීය 04 වන ප්‍රසම්පාදන සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. 

ඒ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීයි. සමුළුව අද සිට ලබන 23 වනදා දක්වා කොළඹ සහ මහනුවර දී පැවැත්වෙනවා.

දකුණු ආසියා ප්‍රසම්පාදන සමුළුව පළමු වරට 2011 වසරේ දී නේපාලයේ කත්මන්ඩු නුවර දී ආරම්භ වූ අතර මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන්නේ සිව්වැනි සමුළුවයි.

රටේ යහපත වෙනුවෙන් නව ආර්ථීක සහ සමාජ පරිසරයක් ඇතිකර ගැනීම සහ තිරසාර සංවර්ධනයක් උදෙස පැහැදිලි ප්‍රවේශයක් ලබාගැනීම මෙම සමුළුවේ අරමුණු වනවා.